Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

16th July 2019 17:31:37 Hours

‘මත්ද්‍ර්‍ය නිවාරණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් හට උපදේශක පුහුණුවක්

‘මත්ද්‍රව්‍ය නිවාරණ’ උපදේශකයින් ලෙස යුද්ධ හමුදා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු කිරීමේ දින 4 ක දීර්ඝ වැඩමුළුවක් පසුගිය ජූලි මස 9 සිට 12 දින දක්වා පැවැත්විණි.

මෙම වැඩමුළුව මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීණියකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පැවැති මෙම වැඩමුළුව යුද්ධ හමුදා මනෝවිද්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.