Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:28:30 Hours

‘පොසොන්’ පොහොය නිමිත්තෙන් යුද්ධ හමුදා කාන්තා බලකාය අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වයි

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව එක්ව ‘අයිස්ක්‍රීම් දන්සැලක්’ පසුගිය සෙනසුරාදා (03) දින බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් මත වැඩසටහන සංවිධානය කරන ලදී.

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලයන් සහ කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සියලුම සාමාජිකාවන් අයිස්ක්‍රීම් දන්සැල සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

අයිස්ක්‍රීම් දන්සැල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, එම ශාඛාවේ සාමාජිකාවන්, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරිනියන්, සෙසු නිලයින් සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් සහභාගී වූහ.