Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2017 12:17:25 Hours

‘පැරාලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලියේ’ සහ ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනයේ’ දී රිදී පදක්කම් ලාභීන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට

‘ලන්ඩන් හී පැවති පැරාලිම්පික් 2017 තරඟයේ දී රිදී පදක්කම් ලාභී 3 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ජපානයේ ටෝකියේ නුවර පැවති ‘ජපන් එක්ස්පෝ නව නිපැයුම් හා නිර්මාණ’ ප්‍රදර්ශනයේ රිදී පදක්කම් ලාභී 2 වන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩි.එම්.සි. දිසානායක පසුගිය (17) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ විශේෂ පැසසුමට ලක්විය.

යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් දෙදෙනා සමඟ වු පිලිසඳරේ දී මෙම ජ්‍යත්‍යන්තර ජයග්‍රහණයන් ප්‍රසංශාවට ලක් කළ අතර, තරඟයේ ප්‍රතිවාදින් අතර වු තියුණුභාවය පිලිබඳව ද විමසීය. මෙහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සිහිවනු වස් සමරු තිළිණ දෙකක් ද ඔවුන් වෙත පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, 522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අදීප තිලකරත්න සහ 2 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරි ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ලන්ඩන් හී පැවති පැරාලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලිය - 2017 හි දී හෙල්ල විසිකිරීම පිරිමි - F46 ඉසව්වෙන් මෙසේ, 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රිදී පදක්කමක් දිනාගනු ලැබු අතර, ජපානයේ, ටෝකියේ නුවර අගෝස්තු මස 4 සිට 6 දක්වා පැවති ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ (JDIE) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් ඩි.එම්.සී දිසානායක ඉදිරිපත් කරන ලද‘ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක’ නිර්මාණයට තාක්ෂණික අංශයෙන් ඉදිරිපත් වු නිර්මාණකරුවන් සියගණනක් අතරින් රිදී පදක්කම හිමිවිය.

Nike sneakers | adidas Yeezy Boost 350