Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 22:03:50 Hours

‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ දේශනය අම්පාරේදී

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ පිළිබඳ තවත් අධ්‍යාපනික සැසි දෙකක් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් 24 වන සේනාංක මූලස්ථානයේදී සහ අම්පාර සටන් පුහුණු පාසලේදී ජනවාරි මස 7 සහ 8 දිනයන්හිදී පැවැත්විණි.

මෙම දේශන සැසියන්හිදී ‘සියදිවි හානිකරගැනීම වැළැක්වීම’, ‘මානසික ආතතිය සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ප්‍රවර්ධනය කිරීම’, ‘ගැටලු විසඳීම’ යනාදී මාතෘකා ආවරණය කෙරිණි.

මෙම දේශන සැසියන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් පී.ආර්.බී.ඒ. බණ්ඩාර, මේජර් යූ.පී. මල්ලවආරච්චි, ලුතිනන් එස්.වී.ආර්.ඒ. ද සිල්වා, ලුතිනන් එච්.ජි.එන්. දේශප්‍රිය සහ ලුතිනන් ජේ.ඩි.යු.සී. ජයකොඩි යන නිලධාරීන් විසින් මෙහෙයවන ලදී.

24 වන සේනාංකයේ සහ අම්පාර සටන් පුහුණු පාසලේ දී වෙන වෙනම පවත්වන ලද දේශන සැසි සඳහා නිලධාරීන් 24 ක් සහ සෙසුනිලයින් 514 ක් සහභාගී වූහ. Sportswear Design | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK