Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2016 17:35:32 Hours

‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ තේමාව යටතේ කිලිනොච්චි සහ දියතලාව භට පිරිස් දැනුවත් කරයි

‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යන තේමාව යටතේ තවත් එක් වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සහ දියතලාව ශ්‍රී ලංකා ස්වේචඡා පුහුණූ පාසලේ දී පවත්වනු ලැබීය.

මෙහිදී වෙද්‍ය නිලධාරී මේජර් ආර්.පී.යූ ප්‍රසන්න විසින් යහපත් ජීවිතයකට ඇවැසි කරුණු පිළිබඳව අදහස් දක්වමින් දේශණ පවත්වනු ලැබූ අතර, ඒ සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 120 දෙනෙකු සහභගි වූහ.

මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අයි.ඕ.ඩබ්ලිව් මාදොල විසින් එවැනිම වැඩසටහනක් සඳුදා (28) දින දියතලාව ස්වේඡා බලකා පුහුණු පාසල් ශ්‍රවනාගාරයේ දී සංවිධානය කරනු ලැබීය.

මෙහිදී මත් ද්‍රව්‍ය, දුම්වැටි සහ පැණි රස මෙන්ම තෙල් සහිත ආහාර මගින් වැළදෙන රෝගාබාද පිලිබඳව දැනුවත් කරනු ලැබීය.

එම දේශණ සඳහා ස්වේච්ඡා බලකා පුහුණු පාසල් නිලධාරීන් 47 දෙනෙකු සහ බලලත් නිලධාරීන් 9 දෙනෙකු සහභාගි වූහ.

buy footwear | GOLF NIKE SHOES