Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 16:54:07 Hours

‘නිපුණතා සංවර්ධන සහ නවෝත්පාදන’ පුහුණු වැඩසටහනේ අදියර - 03 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් වෙනුවෙන් පැවැත්වූ ‘නිපුණතා සංවර්ධන සහ නවෝත්පාදන’ පුහුණු වැඩසටහනේ අදියර - 03හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් 21 දෙනෙකු සහභාගී වූ අතර සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

2022 දෙසැම්බර් මස 19 දින සිට 2023 අප්‍රේල් මස 27 දින දක්වා පැවති මෙම පාඨමාලාවේදී ඔවුන්ගේ දැනුම, නිපුණතා, කුසලතා සංවර්ධනය සහ නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම සඳහා වැඩමුළු සහ ක්ෂේත්‍ර සංචාරයන් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, පුහුණු පරීක්‍ෂක, කර්නල් භඨකාර්ය සම්පාදන, කර්නල් හමුදා ලේකම් කර්නල් පාලන, ආධුනිකයන් බඳනාගැනීමේ නිලධාරි, කර්නල් සුභසාධන, කර්නල් විගණන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.