Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2023 22:09:17 Hours

‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 46’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 46’ හි සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා දින (අගෝස්තු මස 25) පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 60 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සැරයන් ජේ. අබේගුණවර්ධන විසින් දිනාගත්තේය.

මෙම අවස්ථාව සඳහා සටන් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.