Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2021 15:55:09 Hours

‘දියකාවා යුද පුහුණු අභ්‍යාසයේදී 1 වන විශේෂ බලකායේ භටපිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගනී

මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI’ යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බදාදා (8) දින පැවැත්වූ අතර එහිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') නායකයා නිලාවේලි ප්‍රදේශයේ සැරිසරන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව 1 වන විශේෂ බලකායේ යතුරුපැදි කණ්ඩායම විසින් දියත්කරනු ලැබු ක්‍රියාන්විතයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිණි.

නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') සැඟව සිටී ප්‍රදේශය වෙත ඉකුත් බදාදා (08) දින අලුයම 5.55 ට පමණ ඉතා සූක්‍ෂම යුද උපක්‍රම උපයෝගී කරගනිමින් ඇතුල්වූ භටපිරිස් එම ප්‍රදේශයේ අතහැර දමා තිබු පාළු නිවසක සැඟව සිටි නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් විසින් සිදුකළ වෙඩිතැබීමත් සමඟ දෙපාර්ශවය අතර තියුණු වෙඩි හුවමාරුවක් සිදුවිය. එම වෙඩි හුවමාරුවෙන් කැරළිකරුවන් කිහිපදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර, කැරලි නායකයා අත්අඩංගුවට ගත් භටපිරිස් ආරක්‍ෂක හේතුන් මත ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ආරක්‍ෂක ස්ථානයක් වෙත රැගෙන ගියහ.

අභ්‍යාස බලසේනාධිපති කර්නල් සංජීව හොරවලවිතාන, ඉන්දියාවේ, මාලදිවයිනේ සහ ඕමානයේ හමුදා සාමාජිකයින් ඇතුළුව ජාත්‍යන්තර යුද ප්‍රවීණයන් විසින් මෙම යුද අභ්‍යාසය නිරීක්‍ෂණය කරමින් සමස්ථ යුද අභ්‍යාසය අධීක්‍ෂණය කළහ.