Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 15:50:49 Hours

‘දියකාවා යුද අභ්‍යාසය X – 2019’ මින්නේරියේ දී නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු රටවල් 10 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේ දී බදාදා (04) දින නිල වශයෙන් ආරම්භවීමට නියමිතව ඇති අතර එම අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් එම අවස්ථාවට සහභාගීවීමට නියමිත නියෝජිතයින් සමඟ ඉකුත් අඟහරුවාදා (3) දින උදෑසන පවත්වනු ලැබීය.

මෙම යුද අභ්‍යාසය ආරම්භවීමට පෙර ඉකුත් අඟහරුවාදා (3) දින උදෑසන මින්නේරිය දේවාල භූමියේදී යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ සහ නියෝජිතයින් කිහිපදෙනෙකු ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදුකර ආශීර්වාද ලබාගත්තේය. මින්නේරිය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී මෙහෙයුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විසින් එහි ආරම්භක දේශනය පවත්වමින් ඊට සහභාගී වූවන්ව සාදරයෙන් පිළිගත් අතර, ඉන් අනතුරුව මෙහෙයුම් මැදිරියේදි කාර්ය මණ්ඩලය සමඟින් මේ සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙල සබැඳිව කෙටි සාකච්ඡාවක ද නිරත විය.

මෙම විශේෂ පුහුණු මෙහෙයුම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සුවිශේෂි ස්ථානවලදී යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යාසයට සහභාගීවීමට නියමිතය.

සැප්තැම්බර් මස 04 සිට 24 දින දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භටපිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇත.

මෙම වසරෙහි දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා ද කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.පී.සී. පීරිස් කටයුතු කරනු ලබයි.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 24 වන දින කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත. latest Nike Sneakers | Entrainement Nike