Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 21:05:48 Hours

‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හි පළමු මෙහෙයුම ‘ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම’ ත්‍රිකුණාමලයේදී දියත් කරයි

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර පැය කිහිපයකට පසුව, එම අභ්‍යාසය සඳහා සහභාගීවූ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය වරායේ අෂ්රොෆ් ජැටියේදී ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබු නෞකාවක් සමඟින් එහි සිටි සාමාජිකයින් 22 ක් (කාන්තාවන් 7 ක් සහ පිරිමි 15 ක්) මුදාගැනීමේ පුහුණු මෙහෙයුමක් බදාදා (04) දින සන්ධ්‍යාවේ දියත් කරන ලදී.

යුද සහ නාවික සෙබළුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් මෙම මෙහෙයුම සාර්ථකව දියත් කර ප්‍රාණ ඇපකරුවන් මුදාගත් අතර ඒ අතරින් බහුතරයක් විදේශිකයන්ය.

හමුදා බුද්ධි අංශ අනුගමනය කරමින්, කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස්, නාවික විශේෂ බෝට්ටු බලඝණයේ (එස්බීඑස්) සහාය ඇතිව, භට පිරිස් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 6 ක්, සැඟවුණු වෙඩික්කරුවෙක්, ත්‍රස්තවාදීන්ගේ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා සුනඛයන් යොදාගනිමින් මෙම මෙහෙයුම සාර්ථකව සිදු කළහ. බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් කමාන්ඩෝ භටයින් එම ස්ථානයට ක්‍ෂණිකව ලඟාවූ අතර මෙහෙයුම සාර්ථක ලෙස දියත් කර ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට ඔවුන් සමත්වූහ.

මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හි අභ්‍යාස අධ්‍යක්‍ෂ මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, අභ්‍යාසය සඳහා සහභාගීවන අනෙකුත් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් සහභාගි වූහ.Best Sneakers | Archives des Sneakers