Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2020 18:30:00 Hours

‘තුරු මිතුරු නව රටක්’ අදියර 3 මගින් ජනතා උපයෝගීතාවය, පරිසර අලංකරණ හා තවත් පැළ සිටුවීම් තුළින් හරිත නගරයකට මංපෙත් විවර කරයි

නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින් සකස් කිරිම සඳහාත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ ‘තුරු මිතුරු නව රටක්’ ප්‍රජා ව්‍යාපෘතියේ 3 වන අදියර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (3) දින උදෑසන දියත් කරමින් පරිසරය අලංකාරවත් කිරීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් සමගින් මහජනතාව වෙනුවෙන් ඉදිකළ ශරීර සුවතා මන්තීරුව සහ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිවිසෙන මාර්ගය දෙපස ස්ථානගත කළ කාලතුවක්කු අවි ආදියෙන් අලංකාරවත් වූ පරිසරය මහජනතාවගේ පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ මූලිකත්වයෙන් මෙම වැඩසහනට අවශ්‍ය සියළු කටයුතු සුදානම් කරනු ලැබු අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උදෑසන 6.30 ට යෙදුණු සුභ මෙහොතින් යුද්ධ හමුදා මූලස්ථානය දෙසට පිවිසෙන මාර්ගයේ දොරටුව අභියස පළමු පැළය රෝපණය කරමින් වැඩසටහනේ ආරම්භය සංකේතවත් කළ එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ.

‘තුරු මිතුරු - නව රටක්’ ප්‍රධාන ව්‍යාපෘතියෙහි පුවරුව විවෘත කිරීම, මහජනතාව සඳහා නවතමයෙන් ඉදිකරන ලද කිලෝමීටර් 2 ක් දිග පා ගමන් මන්තීරුවක්, උපාංග සමඟ ශාරීරික පුහුණුව සඳහා නව කලාප 3 ක් සහ යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගය අසල විල අලංකාර කිරීම ඇතුළු ව්‍යාපෘතීන් සමුහය දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ජනසතුවිණි.

මීට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මුලස්ථානය ආසන්නයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැවට මත්ස්‍යයින් 10,000 ක් නිදහස් කරන ලද අතර මත්ස්‍යයින් 10,000 ක් විශේෂ බලකායේ බෝට්ටු දෙකක් යොදාගනිමින් මිරිදියට නිදහස් කරන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැවේ බැම්මේ අවට ජිවත්වන සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව පොල් පැළ 100 ක් රෝපණය කිරීමේ ක්‍රියාවලිය ඉන් පසුව සිදුවූ අතරම ප්‍රධාන ආරාධිත අමුත්තා සංකේතාත්මකව මාර්ගය අසල සවිකර තිබු කොන්ක්‍රීට් බංකු 24 ක් ද ජනසතු කිරීම මෙහිදි සිදුවිනි.

දවසේ උත්සවයෙහි අවසාන කොටස ලෙස, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ නව නාම පුවරුව දෙපස ‘ඇහැළ’ පැළ දෙකක් රෝපණය කළ අතර ඉන් අනතුරුව, නව යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස ස්ථානගත කර ඇති මිලිමීටර් 130 සහ මිලිමිටර් 122 කාලතුවක්කු තුවක්කු අවි දෙක නිරාවරණය ද යුද්ධ හමුදාධිපති සුරතින් සිදුවිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව 2019 දෙසැම්බර් මස 23 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්‍ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ, නාගරික වනාන්තර සංකල්පය, හරිත මාර්ග, හරිත ආවර්ණ සහ කෘෂි වනවගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි රට අලංකාර කිරීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරි මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැළ 170 ක් රෝපණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නම් දැවැන්ත ව්‍යාපෘතිය (අදියර - 1) ආරම්භ කරන ලද්දේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව එම ව්‍යාපෘතියේ (අදියර - 2) 2020 ජනවාරි මස 14 වන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට අයත් පූරන්වූ කුඹුරු අක්කර 12 ක් නැවත අස්වද්දන ලද අතර එදිනම, යුද්ධ හමුදා මුලස්ථානයට පිවිසෙන මාර්ගය දෙපස (කිලෝමිටර් 1.7 ක පමණ දුරක්) ‘කරද’, ‘මී’ සහ ‘කොබෝ නීල’ පැළ 140 ක් රෝපණය කරමින් පරිසරයට නව ජිවයක් එක් කරන ලදී.

අද (03) දින පැවැති මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Adidas footwear | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!