Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

16th August 2016 19:58:48 Hours

‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ පිළිබඳ වැඩමුළුවක් සහ පරිගණක පාඨමාලාවක්

ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 11 සිට 15 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ අධික්ෂණය මත පැවැත් වූ මෙම වැඩමුළුවේ දී යුද හමුදා මෙන්ම සිවිල් ජන ජිවිතයේ දී මුහුණ දෙනු ලබන ප්‍රශ්න හා පීඩනයන් කළමනාකරණය කර ගැටළුවකින් තොරව සාර්ථක ජීවිතයක් සඳහා ඇති මාර්ග, සිවිල් සබඳතා සහ සමාජ ප්‍රශ්න ආදිය පිළිබඳව දැනුවත් කරන ලදි. ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ කිෂන් ගෝපාල් මහතා සහ ලංකා ජයසේකර මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. මුලතිව් ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන් 05 ක් සහ සෙසු නිලයින් 25 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 30 ක් මේ සඳහා සහභාගි විය. එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් තුල පරිගණක දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද තවත් පරිගණක පාඨමාලාවක් එම මුලස්ථාන නැණසල පරිගණක මධ්‍යස්ථානයේ දී පසුගිය අඟහරුවාදා (16) දින ආරම්භ කෙරිනි.