11th March 2025 09:31:08 Hours
‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ 2025 මාර්තු මස 8 සහ 9 දෙදින තුළ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මීට ප්‍රථම රුමේෂ් තරංග විසින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව තුළින් වාර්තා කර තිබූ මීටර් 85.45 ක දුර අභිබවමින් එම ඉසව්ව තුළින් මීටර් 85.78 ක දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටවීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ රණසිංහ සමත්විය. මෙම වාර්තාවත් සමඟින් ජපානයේ, ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2025 ලෝක මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහුට අවස්ථාව හිමිවිය.
කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ රණසිංහ 2016 රියෝ ඔලිම්පික් උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 83.04 ක ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්විය. එසේම, 2016 ගුවහාටි දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී මීටර් 80.25 ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම, 2019 කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී මීටර් 74.97 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම සහ 2019 චීනයේ වුහාන් හි පැවති ලෝක හමුදා ක්‍රීඩා උළලේදී මීටර් 75.35 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ඇතුළුව ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් ද දිනාගැනීමට ඔහු සමත්විය.