Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th October 2023 22:47:37 Hours

‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 47’ සාර්ථකව අවසන්

කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 47 හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පැවැත්විණි.

යුද්ධ හමුදාවේ සියළුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 53 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාසයක කාලසීමාවක් පුරාවට මෙම පාඨමාලාව පැවැත්විණි.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් ආර්.එම්.සී.එස්. බණ්ඩාර විසින් දිනාගන්නා ලදී.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් සහභාගී වූ අතර, ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එම්.ඩබ්ලිව්.බී.එච්.ජී පිටවල ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.