Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2016 11:36:21 Hours

‘ගුවන් සමුළුව 2016’ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද හමුදාපති සහභාගි වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගුවන් සමුළුව බ්‍රහස්පතින්දා (01) දින දෙහිවල, අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ හා උත්සව ශාලාවේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් මෙම ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය.

සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් පිළිගැනීමේ කථාව සිදු කරමින් මෙහි පැමිණි සියලුදෙනා පිළිගනු ලැබීය.

තවද මෙම සමුළුව සඳහා විශේෂ අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

‘ගුවන් බලය හා කලාපීය ආරක්ෂාව’ තේමාව කර ගනිමින් මෙම වසරේ ගුවන් සමුළුව පැවැත්වෙන අතර, මෙම සැසිය තුල දී ග්‍රවන් හමුදා සෙබලුන් මුහුණදෙන ප්‍රධාන පෙලේ ගැටලු, ගුවන් ක්‍රියාන්විත, කලාපීය හා ගෝලීය වශයෙන් ගුවන් හමුදාවන් මුහුණදෙනු ලබන විවිධ අභීයෝගතාවයන් සහ නවෝත්පාදනයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා විදේශිකයින් ඇතුළු ගුවන් හමුදා විශේෂඥයන් සහ විවිධ විශේෂඥයින් සහභාගි වන අතර, එය සිකුරාදා (2) දින දක්වා පැවැත් වේ.

අනාගත කලාපීය ආරක්ෂාව, කලාපයේ ආරක්ෂක අභියෝග සහ වෘත්තීය දැනුම වර්ධනය කිරීම ඇතුලු විවිධ ගුවන් අංශයන් කෙරෙහි ඇති අභියෝගයන් පිළිබඳ මෙවර සමුළුවේ දී විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙම ආරම්භක උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සමගින් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

url clone | Zapatillas de running Nike - Mujer