Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2016 17:26:27 Hours

‘ගාලු කතිකාව’ හි දී එක්සත් ජනපද නාවික හමුදා ආසියා ශාන්තිකර ප්‍රධානි යුද හමුදාපති හමුවේ

නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ගාලු කතිකාව 2016’ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.

තවද, නාවික හමුදාවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම සැසිවාරයන්ට සහභාගි විය.

මෙම සමුළුව, රටවල් 42ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” යන තේමාව යටතේ දෙදිනක් පුරා (නොවැම්බර් මස 28 - 29) පැවැත්වෙන අතර, මෙය 7 වන සමුළුව වේ. නාවික හා සාගරික කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙන්ම ඔවුන්ගේ සුවිශේෂි දැනුම් සම්භාරය හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙම ආරම්භක සැසියෙන් අනතුරුව එහි ප්‍රධාන දේශනය පැවැත් වූ එක්සත් ජනපද නාවික හමුදා ආසියා ශාන්තිකර ප්‍රධානි අද්මිරාල් හැරී බි. හැරීස් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් සුහඳ පිළිසඳරක ද නිරත විය.

මෙහිදි ඔවුන් වෘත්තීමය, ද්විපාර්ශ්වික වැදගත්, සහ අන්‍යේන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ජා කරන ලදි. අනතුරුව ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙන්ම ආරාධිතයින් රැසක් මෙම සමාරම්භක උළෙල සඳහා සහභාගි වූහ.

Sports brands | NIKE AIR HUARACHE