Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2019 18:09:23 Hours

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අඛණ්ඩව 9 වන වරටත් බ්‍රහස්පතින්දා ආරම්භ වේ

ලොවපුරා වූ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් 'සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය' (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ අගෝස්තු මස 29 සහ 30 දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (26) දින සන්ධ්‍යාවේ කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

නුඳුරේදී පැවැත්වීමට නියමිත ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය’ සහ ‘දියකාවා යුද අභ්‍යාසය - X’ පිළිබඳ අවධානය යොමු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුලසුන හෙබවූ මෙම මාධ්‍ය සාකච්ඡාවේ සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි, විශේෂ බලකා බලසේනාධිපති කර්නල් ජේ.පී.සී පීරිස්, ගෲප් කපිතන් දිනේෂ් ජයවීර සහ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීයෙකු සහභාගි වූහ.

විද්වත් කතිකාවකට මුලපුරමින් දෙදිනක් පුරා පවත්වනු ලබන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ සඳහා විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයින් 12 ක් ඇතුළුව නියෝජිතයින් 800 ක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති අතර, මෙම සමුළුවේ දී වත්මන් ආරක්‍ෂක භූමීකාව: ගැටුම් හෝ සහයෝගීතාවය (Contemporary Security Landscape: Conflict or Cooperation), ත්‍රස්තවාදය සමඟ සටන් කිරිම (Confronting Terrorism), හමුදා නවීකරණය (Modernization Military), වත්මන් ආරක්‍ෂක භූමීකාව තුළ හමුදා සුදානම් කිරිම (Military Readiness in the Contemporary Security Landscape), යන උප මාතෘකා සාකච්ඡාවට බඳුන් කෙරේ. සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවන බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය. මේ වනවිට රටවල් 42 ක නියෝජිතයින් ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇති බවද මෙහිදී තවදුරටත් පැවසීය.

මේජර් ජෙනරාල් විජීත රවිප්‍රිය සහ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා විසින් සැසිවාරය සහ ආරාධිතයින් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවේදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත;

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ හී සියලු සංවිධාන කටයුතු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන අතර ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සමඟින් සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතව ඇත. අනතුරුව, එහි පිළිගැනීමේ කථාව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකිරීමට නියමිතව ඇත. මෙම සමුළුවේ ආරම්භක දේශනය හවායි හි ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ආදී ශිෂ්‍යයෙකු වන මාධ්‍ය ව්‍යවසායකයකු, උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයකු මෙන්ම හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ කර්තෘ නිතින් ඒ ගොඛ්ලේ (Mr.Nitin A. Gokhale) මහතා විසින් සිදුකිරීමට නියමිතය.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමල් ජයවර්ධන මහතා, උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර සහ විදේශ කටයුතු ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර මහතා, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද්‍ර විදානගේ මහතා, හිටපු තානාපති / එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය, බංගලාදේශය භාරකාර රජයේ හිටපු විදේශ කටයුතු ඇමති ආචාර්ය ඉෆ්තෙකාර් අහමඩ් චෞද්රි මහතා, පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු-ලංකා සබඳතා මුවහත් කිරීම පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ උපදේශක සභාවේ සාමාජික සහ චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ සහ ලෙෂාන් විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු මෙන්ම චීනයේ හයිකුහි දකුණු චීන මුහුදු අධ්‍යයන පිළිබඳ ජාතික ආයතනයේ අතිරේක මහාචාර්යවරයෙකු වන අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, ආර්සීඩී, පීඑස්සී, පීඑච්ඩී, එම්එස්සී, එම්ඒ, බංගලාදේශ සාම හා ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ (BIPSS) සභාපති සහ දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය හමුදා උපදේශක සභාවේ (GMACCC) සභාපති (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ඒ.එන්.එම් මුනිරුස්සමාන්, මාධ්‍ය ව්‍යවසායක, උපායමාර්ගික කටයුතු විශ්ලේෂක සහ හමුදා ඉතිහාසය, ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ න්‍යෂ්ටික හා අභ්‍යවකාශ ප්‍රතිපත්ති මුල්පිරිමේ කීර්තිමත් සාමාජික සහ එහි නායක ආචාර්ය රාජේශ්වරී පිල්ලෙයි රාජගෝපාලන් මහත්මිය, ඉස්ලාමාබාද් හි උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකාර අසාද් උල්ලා ඛාන් මහතා, පර්යේෂණ හා සංවර්ධන ක්‍ෂේත්‍රය (ආර් ඇන්ඩ් ඩී වසම) කෙරෙහි අවධානය යොමු කරමින් රුමේනියානු පුද්ගලික සමාගමක් වන (Q AGENCY) හි නිර්මාතෘ සහ කළමනාකරණ සහකරු ඩැනියෙල් ගේබ්‍රියෙල් ඩිනූ මහතා, රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ ඉලෙක්ට්‍රොනික අංශයේ ප්‍රධානී කර්නල් පවෙල් වී. චර්නිෂොව්, හමුදා අධ්‍යයන වැඩසටහනේ උපායමාර්ගික අධ්‍යයන සහයක මාහචාර්ය ආචාර්ය අහමඩ් සලාහ් හෂීම්, ජාත්‍යන්තර අධ්‍යයන පාසලෙහි එස් රාජරත්නම් මහතා, සිංගප්පූරුව ජාතික විශ්ව විද්‍යාලයේ (ISAS-NUS) දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහායක ආචාර්ය චුලානි අත්තනායක, ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ (GCSP) ගෝලීය අවදානම් සහ ඔරොත්තු දීමේ ප්‍රධානී ආචාර්ය ජීන් මාක් රික්ලි මහතා, ජිනීවා මධ්‍යස්ථාන (DCAF) සන්නද්ධ හමුදා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආසියා-පැසිෆික් ඒකකයේ ප්‍රධානී ආචාර්ය ඇල්බ්‍රෙක්ට් ෂනාබෙල් මහතා, ස්වාධීන පර්යේෂක ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයියාන් කරඩේලි මහතා, කැලිෆෝනියාවේ මොන්ටෙරේ හි ජාතික ආරක්‍ෂක කටයුතු පිළිබඳ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ සහ ස්වදේශ ආරක්‍ෂක මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ෂැනෝන් ඒ. බ්‍රවුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, වයඹ නාවික විධානභාර ආඥාපති රියල් අද්මිරාල් රුවන් පෙරේරා, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ පුහුණු එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ, ශ්‍රී ලංකා කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති විශ්ලේෂක ෂාරිකා කුරේ මහත්මිය, ස්වාධීන නීතිඥ, කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පීඨ සාමාජික ඉන්දික පෙරේරා මහතා, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පර්යේෂණ සහායක නිලන්තන් නිරුන්දන් මහතා සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සනත් චන්දන ද සිල්වා මහතා මෙවර ආරක්‍ෂක සමුළුවේ ප්‍රධාන කථිකයින් සහ දායකයින් අතර වේ.

විශේෂ ආරාධිතයින් ලෙස ඉන්දියාවේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අශෝක් කේ මේතා සහ මහාචාර්ය හිල්ඩ් රැෆ් MAOxon, FRSA MBP යන මහත්ම මහත්මීන් මෙම සැසිවාරය සඳහා ආරාධනා ලබා ඇති අතර මීට අමතරව, රටවල් 12 කින් ඉන්දියාවේ සේවය කරනු ලබන ආරක්‍ෂක උපදේශකවරුන් 22 ක් මෙම අවස්ථාවට සහභාගී වෙයි. ඒ අනුව, සඳුදා (19) දිනය වන විට රටවල් 40 ක විදේශීය නියෝජිතයින් 82 දෙනෙකු ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සඳහා සහභාගී වන බව මේ වනවිට තහවුරු කර ඇත. ඒ අනුව, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, චීනය, කැනඩාව, මාලදිවයින (ආරක්‍ෂක ප්‍රධානී) මෙන්ම මියන්මාරය, නේපාලය, නයිජීරියාව, ඕමානය, පකිස්තානය, පිලිපීනය, කටාර්, ටැන්සානියාව, එක්සත් රාජධානිය, වියට්නාමය සහ සිම්බාම්වේ යන රටවල්හී උසස් හමුදා නිලධාරීන් ද ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත.

මෙහි පළමු සැසිවාරය මහාචාර්ය අමල් ජයවර්ධන ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත අතර එහිදි ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ආචාර්ය ෂැන්නොන් ඒ බ්‍රවුන් මහතා විසින් ගෝලීය ආරක්‍ෂක භූමිකාවේ විවිධ මුහුණුවර හා පැතිකඩ පිළිබඳව විස්තරාත්මකව කරුණු සාකච්ඡා කිරිමට නියමිත අතර ආසියා පැසිෆික් ආරක්‍ෂක භූමිකාව පිළිබඳව තුර්කිය නියෝජනය කරමින් ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයියන් කරඩෙලි අදහස් දැක්වීමට නියමිතව තිබේ. තවද, දකුණු ආසියාවේ ආරක්‍ෂක භූමිකාව පිළිබඳව අදහස් දැක්වීම සඳහා ඉන්දියාව නියෝජනය කරනු ලබන නිටින් ඒ.ගොඛ්ලේ මහතා ඉදිරිපත් වීමට නියමිතය.

ඉන් අනතුරුව මෙහි දෙවන සැසිවාරය එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදි, ප්‍රධාන වශයෙන් පහත දක්වා ඇති තේමාවන් යටතේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ‘ශ්‍රී ලංකාව: 2009 න් පසු දශකය’ පිළිබඳ විස්තර කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය චුලානි අත්තනායක, ‘ශ්‍රී ලංකාවේ අත්දැකීම් තුළින් උගත හැකි පාඩම්’ පිළිබඳ පාකිස්ථානය නියෝජනය කරමින් අසාද් උල්ලා ඛාන් සහ ‘ගෝලීය ත්‍රස්තවාදය’ පිළිබඳ සිංගප්පූරුව නියෝජනය කරමින් මහාචාර්ය අහමඩ් සලා හෂීම් යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.

මේ අනුව පළමු දිනයේ තුන්වන සැසියේ මුලසුන ආචාර්ය හරින්ද විදානගේ මහතා හොබවන අතර ස්විට්සර්ලන්තය නියෝජනය කරමින් ආචාර්ය ජීන් මාක් රික්ලි විසින් ‘ස්වයංක්‍රීය ආයුධ පද්ධතිවල බලපෑම’ යන මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය. ‘විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය තුළ හමුදාමය බලය’ යන මාතෘකාව සම්බන්ධයෙන් රුසියාව නියෝජනය කරනු ලබන කර්නල් පවෙල් වී. චර්නිෂොව් අදහස් දැක්වීමට නියමිත අතර අභ්‍යවකාශය හමුදාකරණය වීමෙන් පැන නගින සංකීර්ණතා පිළිබඳව අදහස් දැක්වීම ඉන්දියාව නියෝජනය කරනු ලබන ආචාර්ය රාජේශ්වරී පිල්ලෙයි රාජගෝපාලන් විසින් සිදුකිරිමට නියමිතය.

මෙම සමුළුවේ දෙවන දිනය වන අගෝස්තු 30 දින මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මාතෘකා ආවරණය කරනු ලබයි. බංගලාදේශය නියෝජනය කරනු ලබන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ඒ.එන්.එම් මුනිරුස්සමාන් විසින් ‘ආපදා අවම කිරීම සහ කළමනාකරණය’ යන මාතෘකාවන් පිළිබඳ අදහස් දැක්වීමට නියමිත අතර ස්විට්සර්ලන්තය නියෝජනය කරමින් ආචාර්ය ඇල්බ්‍රෙක්ට් ෂෙනබෙල් ‘සමකාලීන ආරක්‍ෂක භූමිකාව තුළ හමුදා සූදානම සහ අභියෝග’ පිලිබඳව අදහස් දක්වනු ඇත.

විවිධ කණ්ඩායම් හතරක් සහභාගී වන මෙම සමුළුව අවසන් වන විට ‘ආරක්‍ෂණ තර්ජන මැඩපැවැත්වීම සඳහා සාමූහික හා ස්ථිරසාර ප්‍රවේශයක් සකස්කිරිමට’ අපේක්‍ෂා කරන අතර, වගකීම් සහිත ආරක්‍ෂණ ආයතන ලෙස අත්තිවාරම් ගොඩනැගීම සඳහා අනපේක්‍ෂිත තර්ජනයන්ට කාර්යක්‍ෂමව ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්‍ෂක හෝ ප්‍රතිචාරාත්මක පියවරයන් සිතියම් ගත කරනු ඇත. එමෙන්ම කලාපයේ සහ ලෝකය තුළ පොදුවේ වඩාත් කාර්යක්‍ෂම ආරක්‍ෂක උපකරණයක් සැකසීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගය හා විශ්වාසය මත පදනම් වූ කලාපීය සහයෝගීතාවයක් මෙමගින් අපේක්‍ෂා කරනු ඇත.

මෙම සමුළුව සඳහා සහභාගීවන්නන්ගේ පහසුව සඳහා මෙම සැසිය (A, B, C, D) යනුවෙන් සකස්කර ඇති අතර, A කාණ්ඩය යටතේ නැගී එන ආරක්‍ෂක භූමිකාව තුළ පොදු ජනතාව හා හමුදාවන් අතර සහයෝගීතාවය ද, B කාණ්ඩය යටතේ සමකාලීන ආරක්‍ෂක භූමිකාව තුළ ඒකාබද්ධ සැලසුම්කරණයේ වැදගත්‍කම ද, C කාණ්ඩය යටතේ ආරක්‍ෂාව පිළිබඳ තාක්‍ෂණික අනුවර්තනවල විකාශය වන බලපෑම සහ D කාණ්ඩය යටතේ අත්‍යවශ්‍ය සමකාලීන ආරක්‍ෂක භූමිකාව තුළ හමුදාව සඳහා වන මූලික නිපුණතා යන කාණ්ඩ හතර යටතේය. තවද, මෙහි කණ්ඩායම් හී නායකත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය විසිනි.

එමෙන්ම අදාළ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණ මණ්ඩලයක් වන ශ්‍රී ලංකා කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති විශ්ලේෂක ෂාරිකා කුරේ මහත්මිය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, ස්වාධීන නිතිඥ ඉන්දික පෙරේරා මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ පුහුණු එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පර්යේෂණ සහායක නිලන්තන් නිරුන්දන් මහතා, වයඹ නාවික විධානභාර ආඥාපති රියල් අද්මිරාල් රුවන් පෙරේරා, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සනත් චන්දන ද සිල්වා මහතා සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය සොයාගැනීම් හා නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සමුළුවේ අවසන් ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් සිදු කිරිමට නියමිතය.

සාම්ප්‍රදායික ජාත්‍යන්තර ආරක්‍ෂක අවශ්‍යතා, තාක්‍ෂණික අභියෝග, දේශගුණික විපර්යාස, ජලය වැනි බොහෝ දුරට අතිරේකව පවතින 21 වන සියවස තුළ පුළුල් ලෙස වෙනස් වන ආරක්‍ෂක භූමිකාවන් මඟහරවා ගැනීම සඳහා සාමූහික හා ස්ථිරසාර ප්‍රවේශයක් සැකසීම සඳහා විවේචනාත්මක සාකච්ඡාවන් සඳහා ගෝලීය ආරක්‍ෂක හවුල්කරුවන්ගේ ජාලයක් බිහි කිරීම ශ්‍රී ලංකා හමුදාව අපේක්‍ෂා කරයි. ඒ තුළින් අඟහිඟකම්, පාරිසරික විපත්, ත්‍රස්තවාදය, අන්තර්ජාතික අපරාධ යනාදිය මෙම බුද්ධිමය සම්බන්ධතා සංසදය අපේක්‍ෂා කරන්නන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව කලාපීය හා ගෝලීය ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන දේශසීමා සහයෝගීතාව සහ බහු-මාන ප්‍රතිචාර පිළිබඳ අවබෝධය තවදුරටත් පුළුල් කිරීමටය.

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ මේ වන විට ජාත්‍යන්තර තලයේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කර ඇති අතර යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදාවේ අනෙකුත් සියලුම අධ්‍යක්‍ෂක මණ්ඩල විසින් දීර්ඝ කාලයක් පුරා සිදු කරනු ලබන ආරක්‍ෂක උපාය මාර්ග ඉගෙනීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් දැනුවත් කර ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාදී තිබේ. එමඟින් දේශපාලන හා ප්‍රචණ්ඩ අන්තවාදය මැඩපැවැත්වීමේ අවශ්‍යතාවය, නොවැළැක්විය හැකි ලෙස ජාතීන් තුළ විනාශය ඇති කරන මූලික හේතු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කිරිම ආදී කරුණු පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කර තිබේ. 2018 වර්ෂයේදී කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණ සැසිවාරයේදී ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව’යන තේමාව යටතේ සමකාලීන ආරක්‍ෂක ගැටළු පිළිබඳව අවධානය යොමු කළ අතර 2017 වර්ෂයේ සැසිවාරයේදී ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම : ගෝලීය ප්‍රවණතා’ යන මාතෘකා පිළිබඳ අදහස් පළකරන ලදී.

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සඳහා මෙවර ද ප්‍රධාන අනුග්‍රාහකත්වය නොරින්කෝ සමාගම ලබාදෙන අතර බෙල්ස්පෙට්ස්වේනෙස්ටෙක්නිකා සීමාසහිත සමාගම සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබයි. best Running shoes | Nike - Shoes & Sportswear Clothing