Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2017 22:55:47 Hours

‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ පිළිබඳ යුද්ධ හමුදාධිපති අදහස් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් 7 වන වරටත් පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ (අගෝස්තු මස 28-29) හි මාධ්‍ය හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (15) දින කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙහිදි අදහස් දැක් වූ යුද්ධ හමුදාධිපතිතුමා, මෙවර ආරක්ෂක සමුළුව ආරක්ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් නියෝජිතයින් 200 ක් ද ඇතුළුව නියෝජිතයින් 800 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවත්, සැම්බියාවේ යුද්ධ හමුදාධිපති හා සාක් රටවල හමුදා ප්‍රධානීන් හට ද සමුළුව සඳහා ආරාධනා කර ඇති බවත්, ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතිමට නියමිත බවත් පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමා පවසා සිටියේ ත්‍රස්තවාදය යන මාතෘකාව පිළිබඳ පසුගිය සැසිවාරයන් තුල සාකච්ඡා කළ බවත් ආගමික අන්තවාදය යන මාතෘකාව මෙවර සැසිවාරය සඳහා ඇතුලත් කළ නැතත් සහභාගි වන විද්වතුන් හට ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට හැකියාව සලසා ඇති බවත්ය.

වර්තමානයේ රට තුල අයිඑස්අයිඑස් (ISIS) තර්ජනයක් නැතිවුවද ගෝලීය වශයෙන් අයිඑස්අයිඑස් (ISIS) තර්ජනයක් පවතින බැවින් ඒ පිළිබඳව මෙන්ම පවතින සාම්ප්‍රදායික නොවන තර්ජනයන් පිළිබඳව එම සම්මන්ත්‍රණය තුලදි සාකච්ඡාවට බඳුන්විය හැකි බව යුද්ධ හමුදාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජි.වි. රවිප්‍රිය සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ද මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධානින් අතර වුහ.

මෙදින මාධ්‍යවේදින් සඳහා නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ මෙවරද ගෝලීය හා කලාපීය ආරක්ෂක ගැටළු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. වසර කිහිපයකට පෙර ලොව දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජයට පත් කිරීමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රමවත් කතිකාවතක අඩුව පිරවීමට මෙම සැසිය පවත්වනු ලබයි.

මෙවර 7 වන වරටත් පැවැත්වෙන සමුළුව අගෝස්තු මස 28 සහ 29 යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරක්ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන දෙස් විදෙස් නියෝජිතයින් 800 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෙවර සාක් රටවල හමුදා ප්‍රධානීන් හට ද සමුළුව සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි. මෙවර ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතිමට නියමිතය.

වත්මන් රාජ්‍යයන් වල ජාතික ආරක්ෂාවට හා සාමයට ප්‍රබල තර්ජනයක් ගෙනදෙන අන්තවාදය හේතුවෙන් පැතිර යන ප්‍රචණ්ඩත්වය යන සංකල්පය තේමා කර ගනිමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම : ගෝලීය ප්‍රවණතා’ යන විෂය යටතේ මෙම දෙදින සමුළුව පැවැත්වේ.

ලෝකයේ රාජ්‍යයන් අතර ආරක්ෂාව සම්බන්ධ වූ විවිධාකාර ගැටලු හා අභියෝග විද්‍යාමාන වන අතර, එම ගැටලුවලට ආගමික, දේශපාලනික හා සමාජයීය මතවාදයන් සෘජුව බලපානු ඇත. එමඟින් ඇතිවෙන්නා වූ අරගලයන් මැඩපැවැත්වීම සඳහා සාමුහික හා විශ්වාසී ප්‍රවේශයක් ලබාගත යුතුව ඇත. පිළිගත් කතිකාවත් ඔස්සේ එම ප්‍රවේගය ලබාදීම යුගයේ අවශ්‍යතාවයකි. ඒ අනුව, ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ මෙවරත් ලොව පූරා වෙසෙන ආරක්ෂක සම්බන්ධිකරණ ප්‍රධානීන්, ආරක්ෂක විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශ්ලේෂකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

ගෝලීය ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙවරත් ආරක්ෂක සමුළුව තුළින් අවධානයට යොමු කෙරේ. වත්මන් ලෝකයේ අන්තවාදය තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතින් අතර ඇතිවන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව ද විද්වත් අදහස් හුවමාරුවක් ද ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ තුළින් සිදුවනු ඇත.

ආරක්ෂක සමුළුවේ සැසිවාරය පහත සඳහන් උප තේමාවන් යටතේ සාකච්ඡා කරනු ඇත. මෙහිදි ‘අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත අතරතුර ගෝලීය ප්‍රචණ්ඩ අන්තවාදය’, ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම’, ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්ෂක හමුදාවන්හි කාර්යභාර්ය යන උප තේමාවන් වලට අදාලව අභියෝග සහ ගැටලු - පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම’, ‘කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්’, ‘ලෝක පාලනයේ බලපෑම්’, ‘නෛතික බලපෑම්’, ‘බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග’, ‘ආරක්ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා’, ‘එක්සත් ජාතින්ගේ උපක්‍රම’, ‘අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය’, ‘රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම’, ‘ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්යභාරය’, ‘ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම’ යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කෙරේ.

ලොව පුරා සිටින විද්වතුන් රැසක් එකට මුණගැසෙන මෙම සමුළුවේ සියලු කටයුතු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලවලද සහයෝගය ඇතිව හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධික්ෂණය යටතේ සුදානම් කර ඇත.

තවද, ජාතික ආරක්ෂාව යන විෂයෙහි ප්‍රවීණ, කලාපයේ සහ ලෝකයේ කිර්තීමත් විදෙස් විද්වතුන් කිහිපදෙනෙකු ද ගෝලීය සහ කලාපීය ගමන්මග පිළිබඳව මෙම සමුළුවේ දී ඇමතීමට නියමිතය.

අද ලෝකයේ ආරක්ෂාවට පවතින තර්ජන විශ්ලේෂණය කරමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම : ගෝලීය ප්‍රවණතා’ යන මාතෘකාව තෝරාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම විද්වත් සමුළුව මඟින් මෙරට සහ අනෙකුත් රටවල් අතර ගෝලීය සහ සම්බන්ධතාවයක් ඇතිවනු බව නොඅනුමානය.

මෙම සමුළුවට මහාකොමසාරිස්වරුන්, දේශීය හා විදේශීය දේශපාලඥයින්, ආරක්ෂක උපදේශකයින් සහ තවත් දෙස් විදෙස් විද්වතුන් රැසක් ද ඇතුලත් වේ.

affiliate tracking url | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf