22nd September 2023 17:04:06 Hours
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහනුවර ප්‍රදේශයේ විකාශය වන ‘කඳුරට එෆ්එම්’ ගුවන් විදුලි සේවයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා පුහුණුව ලබන නවකයින් පිරිසක් සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු සාමාජිකයන් සමඟ සාකච්ඡා කරමින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරයන් සබැඳිව දැනුවත්වීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූහ.
‘පිපෙන කැකුළු’ ගුවන් විදුලි වැඩසටහනේ නිෂ්පාදක ප්‍රින්ස් හේරත් මහතා විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණ මත ඔවුන්ගේ මෙම සංචාරය සඳහා අවැසි පහසුකම් සැලසීය.
ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත සපැමිණි ප්‍රින්ස් හේරත් මහතා ප්‍රමුඛ මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක ගුරුභවතුන් සහ මවුපියන් ඇතුළු 29 දෙනෙකුගෙන් සමන්විත පිරිස ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව කෙටි වීඩියෝපටයක් ඉදිරිපත් කරමින් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ක්‍රියාකාරී අංශයන් සබැඳිව සංචාරයේ නිරත පිරිස වෙත හැඳින්වීමක් සිදුකරනු ලැබීය.
වීඩියෝ පටය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංචාරයේ නිරත පිරිස ඉදිරිපත් කළ ගැටළු වෙනුවෙන් බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පිළිතුරු ලබාදෙමින් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරනු ලැබීය. ඉන් අනතුරුව, සංචාරයේ නිරත පිරිස ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විවිධ අංශයන්හි සිදුකරනු ලබන විවිධ රාජකාරීන් පිළිබඳ නිරීක්‍ෂණය කරමින් එම අංශයන්හි නිලධාරින් සමඟින් අදහස් හුවමාරු කරගත්හ.
සුහද සංචාරය සමාප්තියේ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් සංචාරයේ නිරත පිරිසේ ප්‍රධානි ප්‍රින්ස් හේරත් මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව, ප්‍රින්ස් හේරත් මහතා ප්‍රමුඛ සංචාරයේ නිරත සාමාජිකයන් තිදෙනෙකු විසින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් ස්තූති කථා පැවැත්වීමෙන් පසුව යුද්ධ හමුදාව වෙතින් ද ඔවුන්ගේ සංචාරය වෙනුවෙන් ස්තූතිය පුදකරනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයක් ද ගනු ලැබීය.