Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2023 22:14:41 Hours

‘අයන් රයිඩර්ස්’ (Iron Riders) පාපැදි තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

දිවුලපිටිය, මරදගහමුල ‘අයන් රයිඩර්ස්’ (Iron Riders) ක්‍රීඩා සමාජය වෙතින් සංවිධානය කරනු ලැබූ පාපැදි තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ 03, 04, 05, 06, 15 සහ 17 යන ස්ථාන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි තරඟකරුවන් සමත්වූ අතර යුද්ධ හමුදා කාන්තා පාපැදි ක්‍රීඩිකාවන් කාන්තා තරඟයේ 08 සහ 10 වන ස්ථානයන් හිමිකරගත්හ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය එක්ව මෙම පාපැදි තරඟාවලිය අගෝස්තු මස 20 දින දිවුලපිටිය නගර මධ්‍යයෙන් ආරම්භ කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායමේ සභාපතිතුමන් විසින් යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරනු ලබන පාපැදි ධාවකයින්ට මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවිය. මෙම පාපැදි තරඟාවලිය සඳහා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම් සමඟින් නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, වරාය අධිකාරිය සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරමින් 100 කට අධික පාපැදි තරඟකරුවන් පිරිසක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

මෙම තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ යුද්ධ හමුදා පාපැදි සම්මේලනයේ සභාපති මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පිඑස්සි යුද්ධ හමුදා පාපැදි ධාවකයින් දිරිමත් කරනු ලැබීය.