13th April 2025 22:28:59 Hours
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය - 2025’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 මාර්තු මස 07 දින රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි. රෙජිමේන්තු 13 ක කණ්ඩායම් අතර පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙපැක්ටැක්රෝ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව අවසන් මහා තරඟයේදී, 02 ට 00 ක් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.
යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත මෙම තරඟාවලිය පැවැත්විණි.