Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2023 14:56:27 Hours

හෝමාගම කර්මාන්තපුරයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, භටපිරිස්හි සහාය

හෝමාගම කර්මාන්තපුරයේ රසායන ගබඩා කර්මාන්ත ශාලාවක පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින සවස් වරුවේ විශාල ගින්නක් ඇති වූ අතර, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින්ගේ සහායට යුද්ධ හමුදාවේ සහායද ලබාදුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, 1 ශ්‍රී ලංකා පාබල හමුදාව, 5 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨීක ප්‍රතිචාර රෙජිමෙන්තුව සහ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන් ඇතුළු 200 කට අධික භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී හොරණ සහ කෝට්ටේ ගිනි නිවන ඒකකවල සහායද ඇතිව අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබූහ.

ගිනි නිවීමේ මෙහෙයුම සඳහා යුද්ධ හමුදාව විසින් ගිලන් රථයක්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් ජල බවුසර් රථ දෙකක්, 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙන් ජල බවුසරයක් සහ JCB යන්ත්‍රයක්ද යොදා ගනිමින් ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට විශාල දායකත්වයක් ලබාදුන්හ.

ගින්න වේගයෙන් පැතිර යමින් තිබූ බැවින් ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස් එක්ව යුහුසුළුව කටයුතු කල බැවින් කර්මාන්ත ශාලාවට සහ ඒ අවට ප්‍රදේශවලට සිදු වූ හානිය අවම කර ගින්න පාලනය කිරීමට හැකි විය. මෙම මෙහෙයුම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිරගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ අදාළ ඒකක අණදෙන නිලධාරීන් විසින් යුද්ධ හමුදාවේ දායකත්වය අධීක්‍ෂණය කරන ලදී.