Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2023 11:52:47 Hours

හොඳම දැනුම ඇති හමුදා සෙබළා තේරීමේ තරඟයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග පිරිනමයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සෙබළුන්ගේ හමුදා දැනුම සහ සාමාන්‍ය දැනුම ඉහළ නැංවීමේ අරමුණින් විධායක ජෙනරාල් ශාඛාව මගින් සෙසු නිලයින් සඳහා පවත්වන ලද ප්‍රශ්න - පිළිතුරු තරඟය යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහභාගී විය. ප්‍රශ්න-පිළිතුරු තරඟයේ පළමු වටය සඳහා අයදුම්කරුවන් 125 දෙනෙකුගෙන් සෙසු නිලයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු තෝරාගත් අතර, ඒ සඳහා ඔවුන්ගේ හමුදා සහ සාමාන්‍ය දැනුම පරීක්‍ෂා කිරීමට ලිඛිත පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

ප්‍රශ්නෝත්තර සැසියේ පළමු වටය සඳහා තෝරාගත් අයදුම්කරුවන් 30 දෙනෙකුගෙන්, රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු තෝරා ගන්නා ලදී. එම 21 දෙනා අතරින් තරඟ කරුවන් 10 දෙනෙකු අවසන් වටයට තේරී පත් විය. යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස පවත්වනු ලැබීය.

හමුදා දැනුම, වත්මන් සිදුවීම්, ආයුධ පිළිබඳ දැනුම, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම්, ශ්‍රී ලංකා ඉතිහාසය, යුද්ධ හමුදා සංවිධාන ව්‍යුහය පිළිබඳ දැනුම, හමුදා පනත, ඇඳුම් රෙගුලාසි, ඉංග්‍රීසි දැනුම, සංගීතය, වචන මාලාව සහ හමුදාමය ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී.

තරඟාවලියේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000.00, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000.00, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000.00, සිව්වන ස්ථානය සඳහා රුපියල් 25,000.00 සහ පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000.00 ක්ද පිරිනැමෙන අතර, 2023 ඔක්තෝම්බර් 09 වන දින පැවැත්වීමට නියමිත රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන්, ජයග්‍රාහකයින් සඳහා හිමි ත්‍යාග සහ ඇගයීම් සහතිකපත්‍ ලබාදීමට නියමිතව ඇත.

අධ්‍යක්ෂ පිරිස් පාලන බ්‍රිගේඩියර් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී. එස් තිබ්බොටුගේ, ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.වී.එස් වනසේකර ආර්එස්පී යූඑස්පී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.ජේ.ඩී ගුණතිලක ආර්එස්පී යූඑස්පී, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.සී.ආර් සිරිවර්ධන ආර්එස්පී සහ ශ්‍රී ලංකා පුරෝගාමී බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ජේ.කේ.එන්.එස් ජයසිංහ කේඑස්පී යන ජෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ තරඟාවලිය පැවැත්විණි.