Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2024 08:03:30 Hours

හිටපු ඉන්දීය සාමසාධක හමුදා නිලධාරීන් පිරිසක් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක

හිටපු ඉන්දීය සාමසාධක හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් 2024 නොවැම්බර් මස 16 සහ 17 දෙදින තුළ මුලතිව් ප්‍රදේශයේ පිහිටි 59 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවූහ. මාහෝ ප්‍රදේශයේ ස්ථාපිත ඉන්දියානු පාබල පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරල් ගජේන්ද්‍ර ජෝෂි සහ හිටපු නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලුතිනන් ජෙනරල් සරත්චන්ද්‍ර (විශ්‍රාමික) මෙම සංචාරය සඳහා සහභාගී විය.

සංචාරයේ නිරත දූත පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිබිඹු කරමින් අගනා ආගන්තුක සත්කාරයන් දූත පිරිස වෙත පිරිනැමිණි. ඒ අනුව, 59 පාබල සේනාංක මූලස්ථානයේ නිලධාරි නිවස්නයේදී සංස්කෘතික අංගයන්ගෙන් අලංකාරවත් වූ සුහඳ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර එහිදී දෙරටෙහි හමුදා නිලධාරින් සාමය, කලාපීය ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳව සාකච්ඡා කෙරිණි.