Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2016 16:31:05 Hours

සෙබලුන් මාර්ගය නැවත පිළිසකර කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්, 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් මහනුවර ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පටියතලාව ග්‍රාමසේවා වසමේ බෙරවිල ගම්මානය දක්වා දිවෙන මාර්ගය ප්‍ර‍තිසංස්කරණය කිරීමේ කටයුතු ජුනි (3) වන දින සිදු කරනු ලැබීය. එම ප්‍රදේශයේ සිදු වූ නාය යෑමේ තත්වය හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කල නොහැකි තත්වයට පත්ව තිබූ අතර, 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණ දෙන නිලධාරීගේ උපදෙස් මත යුද හමුදා සාමාජිකයින් 15 දෙනෙකු විසින් මාර්ගය නැවත ඉදිකිරීම් කටයුතු සිදුකර සැහැල්ලු වාහන ධාවනය කළ හැකි තත්වයට මාර්ගය පිළිසකර කර ඇත. Best jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092