Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2015 14:09:35 Hours

සුභ නත්තලක් වේවා!

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කල නත්තල් දින පණිවිඩය පහත සදහන් වේ. ලොව පුරා විසිරී සිටින කිතුනු ජනතාව විසින් අද දින අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන ‘සාමයේ මංගල්‍යය’ හෙවත් නත්තල් උත්සවය සමරන ශ්‍රී ලංකා වාසී සියලුම කිතුනු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුබ පැතුම පිරිනමමි. අසාධාරණත්වයට එරෙහිව සමානාත්මතාවේ සහ සාමයේ පණිවුඩය ලොවට දායාද කළ, සාමයේ කුමරු හෙවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අසිරිමත් උපත සිහිපත් කරමින්, සමරනු ලබන උතුම් නත්තල් මංගල්‍යය යනු, සැමට එක ලෙස ජීවත්විය හැකි සමාජයක් තුළ අන්‍යෝන්‍ය සුහදත්වය පෙරදැරිව, මිත්‍රත්වයේ හා සහෝදරත්වයේ සමගිය පතුරුවාලීම සඳහා පවත්වනු ලබන සුවිශේෂී උත්සව අවස්ථාවකි. ‘ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න’ යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රධාන දහමකි. ඒ අනුව ජාතිය, ජන වර්ගය, ආගම, කුලය, ධනවත්කම හෝ සමාජ තරාතිරම යන මේ කුමකින් වුවද මිනිසුන් බෙදා දමන බාධක ඛණ්ඩනය කොට, සමස්ත මනුෂ්‍ය වර්ගයාම එකම මානව කොට්ඨාසයක් ලෙස සැලකු උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් මැනවින් පසක් වන්නේ සදාකාලික සාමය, සහජීවනය සහ සමානාත්මතාව සමස්ත ලෝකයටම උරුම විය යුතු බවය. එබැවින් මේ උදාවන නත්තල, ලෝ වැසි සියලුදෙනා සමඟම සාමයේ හා සහෝදරත්වයේ පණිවුඩය හුවමාරු කරගන්නා, අරුත්බර නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සාමය, සතුට සපිරි අසිරිමත් නත්තලක් වේවා !Best Authentic Sneakers | Womens Shoes Footwear & Shoes Online