Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2017 21:59:20 Hours

සුඩානයේ සන්නද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් යුද්ධ හමුදා මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක නිරත වෙමින් සිටින සුඩානයේ ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරෝර් (Major General Isam Mohamed Hassan Karor) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුක්ත සුඩාන් හමුදා නියෝජිත පිරිස සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අතර සුහද හමුවක් සඳුදා (18) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී සිදුවිය.

මෙම සුහද හමුවේ දී, හමුදා දෙපාර්ශවයට අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක්වු අතර, ද්වීපාර්ශීක පුහුණු වැඩසටහන් සඳහා ඇති හැකියාවන් පිළිබඳවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාත්‍යන්තරව ඉටුකරන කාර්යභාර්ය පිළිබඳවත් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සංචාරයක සුඩාන හමුදා දුත පිරිසට පැහැදිලි කරන ලදී.

සුඩානයේ සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරෝර් (Major General Isam Mohamed Hassan Karor), බ්‍රිගේඩියර් අසාද් මොහොමඩ් හසිබ් ගුබාරා (Brigadier Assad Mohmoud Hassieb Gubara), බ්‍රිගේඩියර් ඔස්මාන් ඉස්මයිල් සිරග් ඉදිස් (Brigadier Osman Ismail Sirag Idriss) සහ කර්නල් ටාර්ග් බාක්තාර් මොහොමඩ් ඉලාමන් (Colonel Tarig Mokhtar Mohamed Elamin) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දුත පිරිසට අයත් වුහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී පැවති මෙම සුහද හමුවට ලුතිනන් කර්නල් ශීරෝන් මොල්ලිගොඩ ද එක්වු අතර, දුත පිරිස නික්ම යාමට පෙර දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

ඉන් අනතුරුව, සංචාරක සුඩාන් යුද්ධ හමුදා දුත පිරිස යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හමුවී දෙපාර්ශවය අතර යෝජිත පුහුණු වැඩසටහන පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වු අතර, දේශීය සහ ජාත්‍යන්තරව එවන් පුහුණුවීම් වල ඇති වැදගත්කම පිළිබඳව ද කථීකාවට ලක්විය.

වෙනත් රටවලින් පුහුණුව සඳහා පැමිණෙන නිලධාරින්ගේ සුභසිද්ධිය පිණිස ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මොඩියුලයන් (modules) ගේ ප්‍රමිතිය පිළිබඳව සොයාබලා නව පුහුණු පාඨමාලාවන් කිහිපයක් සුඩාන යුද්ධ හමුදා වේ ආරම්භ කිරීමට ඇති හැකියාවන් පිළිබඳව ද සොයා බැලීමට මේජර් ජෙනරාල් හසන් කාරෝර් මෙහිදි කැමැත්ත ප්‍රකාශ කලහ.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ දී විදේශීය හමුදා දුත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවට මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, කර්නල් එස්. කස්තුරිමුදලි සහ ලුතිනන් කර්නල් එම්.එස්.කේ. සල්ගාදු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

best Running shoes brand | Air Jordan Release Dates 2020