Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2023 08:41:11 Hours

සුගන්ධිපුරම් මහා විද්‍යාලයේ විදුලිබල සැපයුම අලුත්වැඩියා කිරීමට 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, සුගන්ධිපුරම් මහා විද්‍යාලයේ විදුලිබල සැපයුම අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කිරීම සඳහා සිය තාක්‍ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

දුෂ්කරතාවයන් පවතින මෙම පාසලේ විදුහල්පතිතුමන් 681 පාබල බලසේනාව වෙත සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇණහිට ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ. 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත 2023 නොවැම්බර් මස 5 සිට 9 දින දක්වා දින හතරක් ඇතුළත එම විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු භටපිරිස් විසින් සිදුකරන ලදී.

සිවිල් හමුදා සහයෝගීතාවය පෙරදැරිව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන එම පාසලේ විදුහල්පති, ගුරු භවතුන් සහ දෙමාපියන්ගේ පැසසුමට ලක්වූහ.