Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2016 16:08:40 Hours

සිවිල් සම්බන්ධීකරණ නිලධාරී පාඨමාලාවෙහි සහතික පත්‍ර ප්‍රදානය කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලැබූ තවත් එක් ‘සිවිල් සම්බන්ධීකරණ’ පිළිබඳව පාඨමාලාවක් සිකුරාදා (28) දින කොළඹ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ දී නිමා විය.

එම පාඨමාලාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 25 දෙනෙකු සහභාගි වූ අතර, පාඨමාලා අවසානයේ ඔවුන් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදි.

13 වන වරටත් පවත්වනු ලැබූ මෙම පාඨමාලාව මගින් රාජකාරීයේ නියුතු සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් හට සිවිල් ජනතාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, සහ අචාර ධර්ම පිළිබඳව දැනුම ලබාදෙන ලදි.

එම පාඨමාලාවෙහි සහතිකපත් ප්‍රදානෝත්සවයේ සමාප්ති දේශණය යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.වී රවිප්‍රිය විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එම්.ඩී විජේසුන්දර ද එක්ව සිටියහ.

affiliate link trace | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger