27th April 2023 18:23:12 Hours
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුරේ’ සිදුකළ සංචාරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය බලප්‍රදේශයන්හි පිහිටි අනුරාධපුර අභිමංසල-1, කඹුරුපිටිය අභිමංසල-2 සහ පාන්ගොල්ල අභිමංසල-3 සුවතා නිකේතනයන්හි රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට සහ ඔවුන් වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීම සඳහා අප්‍රේල් මස 24 දින එම සුවතා නිකේතනයන්හි සංචාරයක නිරත වූහ.
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනුරාධපුර ‘අභිමංසල 1’ සංචාරයේ නිරත වූ අතර මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සමඟින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පි. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කඹුරුපිටිය ‘අභිමංසල 2’ සුවතා නිකේතනයේත්, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාන්ගොල්ල ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේත් සංචාරයේ නිරතවූහ.
මෙම සංචාරයන්හිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලූ අතර ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනමනු ලැබූහ.