29th November 2016 17:47:30 Hours
උතුරේ සංචාරයක නියුතු සිංගප්පූරු විශ්ව විද්‍යාල සිසුන් 67 දෙනෙකු අඟහරුවාදා (22) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
යුද හමුදාපතිවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් එම සංචාරය සිදු කරනු ලැබීය
.බිම් බෝම්බ නිශ්ක්‍රීය ප්‍රදේශයට පැමිණි එම ශිෂ්‍ය පිරිස 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.ඒ.පී දිසානායක, 8 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අයි.කේ ලියනගේ ඉතා උණුසුම් අයුරිනි පිළිගනු ලැබීය.
එහිදී බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබඳව නිදර්ශන සහ ඒ පිළිබදව දැනුම ලබා දෙනු ලැබීය.
එම ශිෂ්‍ය පිරිස පුදුකුඩුඉරුප්පු ස්මාරකය නැරඹිමෙන් අනතුරුව සංචාරය නිමා කරන ලදී.
buy footwear | Jordan Shoes Sale UK