Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2016 18:08:30 Hours

සාලාව ප්‍රදේශයේ වගා බිම්හි ඉතිරි වී තිබෙන පතොරම් කොටස් යුද හමුදාව ඉවත් කරයි

කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශ අවට ගම්මානයන්හි ප්‍ර‍තිසංස්කරණ සහ සහන සේවා කටයුතුවල නිරතව සිටින භට පිරිස් (28) උදෑසන අවට ප්‍රදේශයේ කුඹුරු, හේන් සහ වගා කරන ලද භූමි ප්‍රදේශවල විසිරී ඇති උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍ර‍ව්‍ය කැබලි සෙවීමේ මෙහෙයුමේ අවසන් අධියර ආරම්භ කරන ලදී. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනාල් සුදන්ත රණසිංහගේ මගපෙන්වීම යටතේ යුද හමුදා භට පිරිස් සියයක පමණ කණ්ඩායමක් විවිධ යන්ත්‍රෝපකරණ, ට්‍රැක්ටර් සහ බිම් හාරන උපකරණ යොදා ගනිමින් එම ප්‍රදේශයන්හි ඉතිරිව ඇති උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍ර‍ව්‍ය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර ප්‍රදේශවාසීන්ගේ වගා කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සෙබලුන් විසින් උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍ර‍ව්‍ය කුඩා කැබැල්ලක් හෝ ඉතිරි නොවන ලෙස ප්‍රදේශය සුද්ද පවිත්‍ර‍කිරීමට නියමිතය. මේ අතරතුර ප්‍ර‍තිසංස්කරණ කටයුතු සිදු කරන භට පිරිස් විසින් හානියට පත් වු නිවාස 556 ක් නැවත යථාතත්වයට පත් කර ඇති අතර, (28) මධ්‍යහනය වන විට තවත් නිවාස 26 ක ප්‍රතිසංස්කරණ කටයුතු නැවත යථා තත්වයට පත් කර ඇත.Sportswear free shipping | Nike, adidas, Converse & More