Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2016 10:57:42 Hours

සරඹ හා තූර්යවාදන තරඟාවලියේ ශුරතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

යුද හමුදා සාමාජිකයින් තුල විනය ඉතා උසස් මට්ටමකින් පවතින බව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් වර්ණවත්, දැකුම්කලු අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරඟාවලියේ අවසන් අදියර බදාදා (23) දින සවස පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සරඹ භූමියේ දී පැවැත්විය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි වූ අතර, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආරධිතයින් රැසක් මීට එක්ව සිටියහ.

මෙහිදී ජයග්‍රාහී කණ්ඩායම් සහ අනෙකුත් කණ්ඩායම් වර්ණවත් ඇඳුමින් සැරසී නරඹන්නන්ගේ ඔල්වරසන් මධ්‍යයේ තම දක්ෂතා ඉදිරිපත් කරනු ලැබීය.

උළෙලේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් හොඳම කණ්ඩායම, හොඳම කණ්ඩභාර නිලධාරී, හොඳම සරඹ ඉදිරිපත් කරන්නා සහ හොඳම සරඹ ඉදිරිපත් කරන්නිය මෙන්ම හොඳම තුර්ය වාදක කණ්ඩායම සඳහා ද කුසලාන, පදක්කම් සහ සහතිකපත් මෙහිදි පිරිනැමිම සිදු කෙරිනි.

ඒ අනුව අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ජාතික ආරක්ෂක බළමුළු කණ්ඩායම දිනාගත් අතරම අනුපිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදී.

එමෙන්ම, කාන්තා සරඹ කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා පළවන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනාගත් අතර, පිළිවෙලින් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා දෙවන කණ්ඩායම දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ලදි.

තවද, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු තුර්ය වාදක කණ්ඩායම තුර්ය වාදක තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, පිළිවෙලින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ලදි.

ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කළ අතරම, මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ සරඹ කණ්ඩායම්හි සහ තුර්යවාදක කණ්ඩායම්හි සියලුම සාමාජිකයින් වෙත සිය සුබ පැතුම් එක් කරමින් ඔවුන් ඇගයීමට ද ලක් කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, පාසල් ළමුන් මෙන්ම ආරාධිතයින් ඇතුලු විශාල පිරිසක් මෙම තරඟාවලිය නැරඹිම සඳහා සහභාගි වූහ.

Running Sneakers Store | youth nike kd low tops orange , Nike Air Max , Iicf