Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2016 16:23:35 Hours

සමාජවිරෝධි ක්‍රියා වැළැක්විමට මුලතිව් භට පිරිස් දැනුවත් කෙරේ

සමාජය තුල යුද හමුදා සාමාජිකයින් වෙතින් සිදු විය හැකි සමාජවිරෝධි හා නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීමට දැනුවත් කිරීමේ වැඩමුළුවක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වන ලදි. මනෝ වෛද්‍ය කර්නල් කේ.එම්.එම් මොණරාගලගේ ප්‍ර‍ධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මේ සබැදි දේශන පැවැත් වූ අතර, එහි ආරම්භක අවස්ථාව බ්‍ර‍හස්පතින්දා (19) දින පැවැත්විනි. චිත්ත ධෛර්යය හා සහජීවනය, සදාචාරය, ආතතිය සහ ආතතිය කළමණාකරණය, හිංසනය, ජීවන නිපුනතා මෙන්ම ජීවිතයට ඉතා වැදගත් දේශනයන් මෙහි දි පැවැත්විනි. මෙම වැඩමුළුවට නිලධාරින් සහ සෙසු නිලයින් 300 කට අධික පිරිසක් සහභාගි වූ අතර, එය සිකුරාදා (20) දින අවසන්විය. Sport media | Nike