Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සමස්ත ලංකා බර ඉසිලීමේ තරඟවලියෙන් යුද්ධ හමුදාවට අනුශූරතාවය

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බර ඉසිලීමේ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ‘සමස්ත ලංකා බර ඉසිලීමේ ශූරතාවලිය’ පසුගිය සෙනසුරාදා (6) දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ කණ්ඩායම එම තරඟාවලියේදී ජාතික අනුශූරතාව හිමිකරගැනීමට සමත් වූහ.

සමස්ත ලංකා බර ඉසිලීමේ ශූරතාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බළලත් නිලධාරි II එස්.කේ.එස් ප්‍රදීප් විසින් හිමිකරගනු ලැබීය.