06th March 2023 08:30:47 Hours
සඳුන්පුර ආධුනික පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ ආධුනික කාන්තා පුහුණු පාඨමාලා අංක-38 සාර්ථකව නිමකරනු ලැබු ආධුනික කාන්තා සෙබලියන්ගේ විසිර යාමේ උත්සවය 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (04) දින එම පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් කාන්තා සෙබලියන් 71 දෙනෙකු මාස හයක කාලසීමාවක් පුරාපැවති මෙම පාඨමාලාවේ දී පුහුණුවූහ.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මේජර් ජෙනරල් සාලිය අමුණුගම වෙත ආධුනික කාන්තා සෙබලියන් විසින් විසිර යාමේ පෙළපාලියේ හමුදා සම්ප්‍රදායානුකූල ආචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් එම ආධුනික කාන්තා සෙබලියන් අමතමින් යුද්ධ හමුදාවට සහ රට වෙනුවෙන් කරනු ලබන සේවයේ වැදගත්කම අවධාරණය කළේය.
පාඨමාලාවේ හොඳම දක්ෂතා දැක්වූ ආධුනික කාන්තා සෙබලියන් පහත පරිදි වේ
සෑම අතින්ම අතිශුර සිසුවිය - ආධුනික කාන්තා සෙබල පී.ඩී.ජී.ඩී.කේ පොල්ගොල්ල
හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලිය - ආධුනික කාන්තා සෙබල ජේ.එම්.ඩී.එම් ජයසේකර
හොඳම වෙඩික්කරු - ආධුනික කාන්තා සෙබල බී.එන්.කේ සෙව්මිණී