Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:02:31 Hours

සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 36 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වර්ෂ 1984 ජනවාරි මස 1 වන දින අනුරාධපුර, ගල්කුලම, කවරක්කුලම ප්‍රදේශයේදී ආරම්භ කරන ලද සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 36 වන සංවත්සරය ඉකුත් බදාදා (01) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේ, පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී. විජේසුරිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමීමෙන් අනතුරුව පුහුණු මධ්‍යස්ථාන සරඹ භූමියේදී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී. තවද, සංවත්සර උත්සවයට සමගාමීව, රුක් රෝපණ ව්‍යාපෘතියක්, සියලුනිල තේපැන් සංග්‍රයක් හා දිවා භෝජන සංග්‍රයක් පැවැති අතර සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගයකින් සංවත්සර උත්සවය වර්ණවත් විය.

සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, පුහුණු අංශය සහ පරිපාලන අංශය වශයෙන් ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ. එහි උපක්‍රමික බලඝණය සහ පුහුණු උපකාරක බළකාය කලත්තෑව කඳවුරේ පිහිටා ඇති අතර කාර්මික හා සන්නද්ධ රථ පුහුණු අංශය කොකාවිල් පිහිටා ඇත. අනුරාධපුරයේ පරිපාලන අංශය සියලුම ස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් පරිපාලන කටයුතු සිදුකරනු ලබයි.

සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායකවරුන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට සහ එහි පුහුණු කටයුතු වැඩි දියුණු කිරීමට කැපවී සිටිති. සන්නාහ සන්නද්ධ බලකා සෙබළුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා මෙම පුහුණු මධ්‍යස්ථානය විශාල දායකත්වයක් සපයයි. සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී සන්නද්ධ බලකායට අදාළ හමුදා පාඨමාලා සහ වෘත්තීය පාඨමාලා රාශියක් පවත්වයි.  තවද සංවත්සර වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Adidas footwear | Sneaker & Lifestyle News