23rd January 2024 16:50:51 Hours
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිලූපා පීරිස් මහත්මිය 2024 ජනවාරි මස 17 දින කඹුරුපිටිය ප්රදේශයේ ස්ථාපිත ‘අභිමංසල - 02’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්රතිකාර ලබන රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
මෙම සංචාරයේදී, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්රමුඛ සාමාජිකාවන් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ට ආහාරපාන පිරිනමමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීය. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.