කොළඹ, හැව්ලොක් පිටියේ ඉරිදා (04) දින පැවති අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ පළමු අදියරේ අවසන් මහා තරඟයේ දී නාවික හමුදා කණ්ඩායම ලකුණු 7 – 5 ක් ලෙස පරාජයට පත් කළ ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම විසින් ශූරතාවය හිමි කරගනු ලැබීය.
මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 10 ක් තරඟ වැදුණු අතර, තරඟාවලියේ වීරයා සම්මානය ශ්රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබළ අයේෂා පෙරේරා විසින් හිමි කරගනු ලැබීය.
මෙම තරඟාවලියේ දෙවන අදියර 2017 ජුනි මස 25 වන දින පැවැත්වීමට නියමිතය.
Sports Shoes | Air Jordan