Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2025 22:11:51 Hours

සංග්‍රාමික ප්‍රවාහන භට කණ්ඩායම් පෙර පුහුණුවීම් පාඨමාලාව - අංක 6 සාර්ථකව අවසන්

ගැමුණු හේවා බලකායේ භටිපිරිස් වෙනුවෙන් පැවැත් වූ සංග්‍රාමික ප්‍රවාහන භට කණ්ඩායම් පෙර පුහුණුවීම් පාඨමාලාව - අංක 6, 2025 පෙබරවාරි මස 14 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රායෝගික හා න්‍යායාත්මක අංශයන් සහ ඔවුන්ට පවරා ඇති විශේෂ කාර්යයන් පිළිබඳව මූලික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් නිලධාරින් 41 දෙනෙකු සහ සෙසුනිලයන් 291 දෙනෙකුගේ සහභාගීිත්වයෙන් මෙම පාඨමාලාව 2025 ජනවාරි මස 20 දින ආරම්භ විය.

පාඨමාලා විෂයය මාලාව සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව හඳුන්වාදීම, අවස්ථානුකූල පුහුණුව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යනාදිය ඇතුලත් විය.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ. ද සිල්වා RSP USP nps psc, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, පාඨමාලාව සඳහා සහභාගිවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් පසුව සමාප්ති දේශනය පැවැත්විණි.

මෙම අවස්ථාවට එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් ද සහභාගි වූහ.