Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2024 18:44:56 Hours

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය 2024 අම්පකාමම් හිදී පැවැත්විය

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය 2024 ආරක්‍ෂක සේනා ආඥාපති වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ අම්බකාමම් ක්‍ෂේත්‍ර වෙඩි පිටියෙදි 2024 සැප්තැම්බර් මස 2 දින සාර්ථකව අවසන් කරන ලදී.

මෙම තරඟයට 2024 අගෝස්තු 27 සිට 29 දක්වා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සහ 2024 සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල සංග්‍රාමික කුසලතා පරීක්ෂණ ඇතුළත් විය. 56 පාබල සේනාංකයේ පාබල බලසේනා සහ බලඇණි වල භට පිරිස් මෙම තරඟාවලියට සහභාගී විය.

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය 2024, තරඟයේ ප්‍රථම ස්ථානය 12 විජයබාහු පාබල රෙජිමේන්තුව හිමිකරගත් අතර, 11 ගැමුණු හේවා බළකාය දෙවන ස්ථානය පත් විය. තරඟාවලියේ දක්‍ෂතම නිළධාරියා ලෙස දෙවන ලුතිනන් ඩී.එස්. එගොඩගෙදර සහ දක්ෂතම සෙබලා ලෙස ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.කේ.ටී.එස්. රඹුක්වැල්ල සුදුසුකම් ලැබිය.