Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2023 23:04:55 Hours

ශාරීරික පුහුණු උපදේශකවරුන් පිරිසක් විසිරයයි.

පනාගොඩ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේදී දෙසැම්බර් මස 20 දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, පුහුණු උපදේශකවරුන්ගේ පාඨමාලා අංක -16 හැදෑරූ නිලධාරින් මෙන්ම උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 46, සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 130 සහ පිහිනුම් උපදේශක පාඨමාලාව - 26 හැදෑරූ සෙසුනිලයන්, වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පිරිනමන ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 ලබා විසිරගියහ..

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් බී.කේ.එස්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී ගේ ආරාධනයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යුඑස්පී සහභාගී විය.

මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදි මාස තුනකට අධික කාලසීමාවක් පුහුණුවීම්වල නිරතවීමෙන් අනතුරුව නිලධාරීන් 11 ක් සහ සෙසුනිලයන් 169 ක් ශාරීරික උපදේශකවරුන් ලෙසත් සෙසුනිලයන් 28 දෙනෙක් පිහිනුම් උපදේශකවරුන් ලෙසත් විසිරගියහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.