Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2023 21:07:44 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 67 වන සංවත්සරය සැමරේ

යුද්ධ හමුදාවේ විශිෂ්ටතම පාබල රෙජිමේන්තු වලින් එකක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 67 වන සංවත්සරය යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව ඉකුත් ඉරිදා (ඔක්තෝබර් 1) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ප්‍රදාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාර පුදකරනු ලැබීය. පසුව එම රෙජිමේන්තු සරඹ භූමීයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරනු ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකරනු ලැබීය. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු සාමාජිකයින් වෙත ද ආශිර්වාද එක් කරන ලදී.

මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහය සහ දිවා භෝජන සංග්‍රහය සඳහා ද සහභාගී විය.