10th May 2020 18:08:47 Hours
අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිනවයෙන් ඉදිකරන ලද යස්ටිය රඳවන ස්ථානය ඉකුත් සෙනසුරාදා එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබිණි.
එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලවෙල ඇතුළු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරා සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව යස්ටිය රඳවන ස්ථානය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරන ලදී.
ඉන් අනතුරුව, මහා සංඝරත්නය විසින් ආගමික වතාවත්හී නිරත වීමෙන් පසුව මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා නවතමයෙන් ඉදිකරන ලද නව යස්ටිය රඳවන ස්ථානය වෙත වර්ණවත් පෙළපාලියකින් කැඳවාගෙන යනු ලැබිණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 5 ක මුදලක් වැය ශීර්ෂයන් දරා තිබුණි.
ඉන් අනතුරුව, ශ්‍රි ලංකා සංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ට සහ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබු ‘කඩුපුල්’ සහ ‘මඳාරා’ යන නිවාඩු නිකේතන උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
කුඩා කඳු බෑවුමක නවීන පහසුකම් වලින් සමන්විතව සිදු කරන ලද එම ඉදිකිරිම් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අරමුදල්වලින් රුපියල් මිලියන 6 ක් වැය කරමින් ඉංජිනේරු සේවා බලකායේ උපදෙස් පරිදි සිදු කර තිබුණි.
මේ වෙනුවෙන් පැවති චාම් උත්සවයකදී එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් නිවාඩු නිකේතන දෙකෙහි සමරු පලක නිරාවරණය කරමින් පීත්ත පටිය කපා සංකේතාත්මකව එම ගොඩනැගිලි පරිශ්‍රයන් විවෘත කරනු ලැබීය.
ඉන්පසු, රෙජිමේන්තු අධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ එහි අභ්‍යන්තර නිමාවන් අගය කරමින් එම පරිශ්‍රය නිරීක්ෂණයට ලක් කරන ලදී.
මේ අතර, නිවාඩු නිකේතන සහ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ යස්ටිය රඳවන ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සිදු කළ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සේවය අගයමින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඇගයීම් සහතිකපත් ප්රදානය කරන ලදී.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් සමාජ දුරස්ථභාවය තබාගනිමින් සෞඛ්‍ය උපදෙස් වලට අනුව ක්‍රියා කිරිමට වගබලාගත්හ. latest Running | Nike Shoes