02nd November 2023 19:57:59 Hours
කලත්තෑව, සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය මගින් ඔක්තෝම්බර් 16 - 20 යන දිනයන්හිදී ‘Par Excellence’ වැඩමුළුවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් යටතේ මෙම වැඩමුළුව සඳහා තරුණ නිලධාරීන් 19 දෙනෙකු සහභාගී වූහ.
වැඩමුළුව මගින් රෙජිමේන්තුවට ආවේණික වත්පිළිවෙත්, විනය, සමාජ ආචාර ධර්ම, නායකත්වය, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද ඉතිහාසය පිළිබඳ දේශනයන් පැවැත්වූ අතර, එම දේශනයන් සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක, සන්නාහ සන්නද්ධ බලකා ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පවත්වන ලදී.
වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ නව සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සහභාගී වූ අතර, නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩමුළුවේ කටයුතු අවසන් විය.