07th May 2024 18:39:52 Hours
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය - 2024 අප්‍රේල් මස 24 සහ 25 යන දිනයන්හිදී කැකිරාව, තිබ්බටුවැව විද්‍යාර්ථ විද්‍යාලයේදී පැවැත්වූ අතර, එහිදී 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ජයග්‍රහණය හිමිකර ගත්තේය.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඒ.එච්.ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
අන්තර් ඒකක එල්ලේ තරඟාවලියේ අනුශූරතාවය 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය හිමිකර ගත් අතර, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 3 සන්නාහ සන්නද්ධ බලකායේ ආධුනික සෙබල එම්.එස් ලක්ෂිත සම්මාන හිමිකර ගත්හ.