Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2023 21:36:48 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අන්තර් ඒකක සරඹ තරඟාවලිය - 2023 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා අන්තර් ඒකක සරඹ සහ පියවර කෝදු තරඟාවලිය - 2023, ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පියල් විජේසිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාර්තු 31 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තරඟාවලිය 2023 මාර්තු 30 සහ 31 යන දෙදින තුල කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තරඟාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් ශූරතාවය 4 වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය 1 වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම ද දෙවන අනුශූරතාවය 7(සෙව්) වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම ද හිමිකර ගත්හ.

පියවර කෝදු තරඟාවලියේ ශූරතාවය 7(සෙව්) වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය 6 වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම ද දෙවන අනුශූරතාවය 5 වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායම ද හිමිකර ගත්හ.

සරඹ තරඟාවලියෙහි 4 වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායමේ කපිතන් එම්.එච්.එම් සේනාරත්න දක්‍ෂතම අණදෙන නිලධාරි ලෙසත් 7(සෙව්) වන සන්නාහ සන්නද්ධ බලකා සරඹ කණ්ඩායමේ මාණ්ඩලික සැරයන් ඩී.පී දිසානායක දක්‍ෂතම සරඹ උපදේශක ලෙසත් සම්මාන හිමිකර ගන්නා ලදී.