Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2019 08:33:42 Hours

ශ්‍රී ලංකා සංඥා බළකා කලාකාරිණියකගේ නිර්මාණාත්මක කුසලතාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්වෙයි

බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ සේවය කරනු ලබන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ කලාකාරිණියක වන කෝප්‍රල් බී.ඒ.එන්.යු බමුණුසිංහ ගේ තෙලිතුඩින් ඔපවත් කරන ලද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සිතුවමක්, යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී භාරදීමේ අවස්ථාවක් පසුගියදා යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංඥා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එන්.එම් හෙට්ටිආරච්චි සහ සංඥා පාසලේ සේනාවිධායක කර්නල් ඉමාල් ඇසලආරච්චි විසින් මෙම කලාකාරිණියගේ විශේෂ දක්‍ෂතාවයන් හඳුනාගැනීමෙන් අනතුරුව ඇය විසින් සිතුවමට නඟන ලද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ රුව රැගත් සිතුවම යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාරදීමට ඇයට අවස්ථාව උදාවිය.

කෝප්‍රල් බී.ඒ.එන්.යු බමුණුසිංහ ගේ හැකියාවන් සහ කලාත්මක විශිෂ්ටත්වය ඇගයුමට ලක්කල යුද්ධ හමුදාධිපතිතුමන් ඇය වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. තවද, යුද්ධ හමුදාධිපතිතුමන් ඇයගේ සෞන්දර්යාත්මක කුසලතා දිගටම කරගෙන යන ලෙස ඇයට උපදෙස් දුන් අතර ඇයගේ අනාගත අභිලාෂයන් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබ පැතුම් එක් කළේය. jordan Sneakers | Footwear