Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2025 18:01:43 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් රෝද පුටු පරිත්‍යාගයක් සිදුකරයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්තව රාජකාරි සිදු කරන අතරතුරදී උතුරු මානුෂීය මෙහෙයුමේදී තුවාල ලැබූ කොමිෂන් නොලත් නිලධාරියෙකුට රෝද පුටු දෙකක් 2025 අප්‍රේල් මස 17 දින 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ දී පරිත්‍යාග කරන ලදී.

ඔහු රටවෙනුවෙන් සිදුකළ කැපවිම සහ සේවය අගයමින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ඔහුට නිවසේදී සහ රැකියා ස්ථායේදී භාවිතා කිරීමට සුදුසු වන පරිදි එක් රෝද පුටුවක් සහ සනීපාරක‍්ෂක පහසුකම් සහිත තවත් රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.