Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2023 21:51:28 Hours

ශ්‍රී ලංකා සංඥා බලකාය සහ සේවාවනිතා ඒකකය එක්ව එම රෙජිමේන්තු මූලස්ථානයේ අලුත් අවුරුදු පොළක් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය, සංඥා බලසේනාව, ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තු මූලස්ථානය, සියලුම ඒකක, ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල සහ ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකයන්හී සේවා වනිතා ඒකකවල සහයෝගය ඇතිව සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් සහ අවුරුදු පොළක් ඉකුත් අඟහරුවාදා (11) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නාලිනී රත්නායක මැතිණිය සහභාගී වූහ.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහන මිලට අලෙවි කිරීම සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ සුබසාධන වැඩසටහන් සඳහා මුදල් එක්රැස් කිරීමේ අරමුණින් පැවැත් වූ අවුරුදු පොළට ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, පැල ඇතුළු අලුත් අවුරුදු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ‘වේව්ස්’ සංගීත කණ්ඩායම පැමිණ සිටි පිරිසගේ විනෝදාස්වාදය සඳහා සංගීතය සැපයූහ.

ශ්‍රී ලංකා සංඥා බලකායට අනියුක්තව සේවය කරන සිවිල් සේවක මහතුන් 44 දෙනෙකු සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු විශේෂ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුගත් රත්නායක සමගින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නාලිනී රත්නායක මැතිණිය සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.